ජෝ බයිඩන් සහ සල්මාන් කුමරු අතර හමුවක්...

ජූලි 16, 2022

    අමෙරිකානු ජනාධිපති "ජෝ බයිඩන්" සහ ‍සවුදි අරාබියේ ඔටුන්න හිමි "මොහොමඩ් බින් සල්මාන් කුමරු" අතර හමුවක් අද පැවැත්වුණා.

    සවුදි අරාබියේ දෙ‍දින සංචාරයක නිරත අමෙරිකානු ජනපතිවරයා ‍සවුදි අරාබියේ "ජේඩා" නගරයෙදී සල්මාන් ‍කුමරු හමුවූ බවයි වාර්තා වන්නේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජනපති ධුරයට පත් වීමෙන් පසු සවුදි අරාබියේ කළ පළමු සංචාරය මෙයයි. බයිඩන් සහ සල්මාන් කුමරු අතර හමුවේදී, බලශක්ති සැපයුම, මානව හිමිකම් සහ ද්විපාර්ශවක මෙන්ම කලාපීය සහයෝගීතාව පිළිබඳව මූලිකවම අවධානය යොමු කෙරුණා. ගෝලීය බලශක්ති වෙළඳ පොළේ ස්ථාවර භාවය තහවුරු කිරීම සඳහා දෙරට එකඟතාවකටද එළඹුණා.

    දෙරට අතර බලශක්තිය, ආයෝජන, සන්නිවේදන සහ සෞඛ්‍යමය මෙන්ම අභ්‍යවකාශ යන ක්ෂේත්‍රයන්හි ඒකාබද්ධ සහ‍යෝගීතාව සඳහා වන ගිවිසුම් 18 කටද මෙහිදී අත්සන් තැබුණා. ‍විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, 2018 වසරේ දී සිදු වූ මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමු වූ බවයි.

    Latest News