භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරක....

ජූලි 17, 2022

    ග්‍රීසියේ උතුරු ප්‍රදේශයේ කවාලා නගරය ආසන්නයේදී භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

    ඊට හේතුව කාර්මික දෝෂයක් බවයි වාර්තා වන්නේ. ගුවන් යානය යුක්රේන සමාගමක් විසින් මෙහෙයවනු ලබන රුසියාවේ නිෂ්පාදිත ඇන්ටනොව් වර්ගයට අයත් ගුවන් යානයක් බවයි, වාර්තා වන්නේ. යානය සයිබීරියාවේ සිට ජෝර්දානය දක්වා ගමන් ගන්නා අතරතුරයි, අනතුර සිදුවී ඇත්තේ. ඒ අවස්ථාවේ යානය තුළ 08 දෙනෙකු රැඳී සිට ඇති අතර, ටොන් 12කට අධික අන්තරාදායක ද්‍රව්‍ය ලෙස සඳහන් භාණ්ඩ තොගයක් ද යානය තුළ තිබී ඇති බව වාර්තාවනවා.

    මේවා බොහෝ දුරට පුපුරණ ද්‍රව්‍ය විය හැකි අතර, ග්‍රීක බලධාරින් පවසන්නේ, යානය තුළ තිබූ මුලු භාණ්ඩ තොගය පිළිබඳව තවමත් නිශ්චිත අදහසක් නොමැති බවයි. කවාලා නගරය අවට ප්‍රදේශවාසීන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙසත්, මුව ආවරණ පැළඳ සිටින ලෙසත් එරට බලධාරින් දැනුම් දී තිබෙනවා.

    Latest News