සංවර්ධනය වන රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍යයි...

ජූලි 17, 2022

    ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රටවලට ශක්තිමත් ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍ය වන බව අයි.එම්.එෆ්. හි කළමණාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටර්ලීනා ජෝර්ජියාවා මහත්මිය පවසනවා.

    ජී-20 මුදල් අමාත්‍යවරුන් හා මහ බැංකු අධිපතිවරුන්ගේ සමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියා. ක්‍රිස්ටර්ලීනා මහත්මිය මෙහිදී පෙන්වාදී ඇත්තේ, ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් නොමැති සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථිකය කඩා වැටීම සඳහා ශ්‍රී ලංකාව හොඳම උදාහරණයක් බවයි. යුක්රේකන-රුසියා යුද ගැටුම් හේතුවෙන් ආහාර හා භාණ්ඩවල මිල ඉතා ඉහළ ගොස් ඇතැයි ඇය පෙන්වා දෙනවා. ගෝලීය මූල්‍ය තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී එය වඩා ගැටලු සහගත තත්වයකට පත්ව ඇති බවද ඇය පවසනවා.

    Latest News