ජීවිතාරක්ෂාව සඳහා පලා යන ලෙස යුක්‍රේන ජනාධිපති රුසියානු හමුදා සෙබලුන්ගෙන් ඉල්ලයි...

අගෝ 31, 2022

    යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලෙන්ස්කි තම ජීවිතාරක්ෂාව සඳහා පලා යන ලෙස රුසියානු හමුදා සොල්දාදුවන්ගෙන් ඉල්ලා සිටිනවා.

    මීට සති කිහිපයකට පෙර රුසියානු හමුදාව අත්පත් කර ගෙන ඇති දකුණු යුක්‍රේන නගර වෙත යුක්‍රේන හමුදාව විසින් ඩ්‍රෝන හා රොකට් ප්‍රහාර එල්ල  කරනු ලැබුවා. 2014 වර්ෂයේ දී රුසියානුවන් විසින් ඈදා ගන්නා ලද යුක්‍රේනයේ "ක්‍රිමියානු අර්ධද්වීපයේ"  ඇති රුසියානු ගුවන් හමුදා කඳවුරකට රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණා. ප්‍රහාර හේතුවෙන්, රැසියානු හමුදාවට සැලකිය යුතු හානියක් සිදු වූ බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.  මෙවන් පසුබිමක් තිබියදී යුක්‍රේන ජනාධිපතිවරයා එම ප්‍රකාශය මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබෙනවා.

    Latest News