ජේම්ස් ස්මිත් ක්‍රී සහ වෙල්ඩන් යන පළාත් ද ඇතුළු එකිනෙකට වෙනස් ස්ථාන 13 කින් පිහි ප්‍රහාර වාර්තා වෙයි. තුවාල ලැබූවන් විවිධ රෝහල්වලට ඇතුළත් කර තිබේ.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස්පතිනී රොන්ඩා බ්ලැක්මෝර් පවසන්නේ,එය උමතුවෙන් කළ පිහි ප්‍රහාර මාලාවක් බවයි . ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සොහොයුරන් දෙදෙනකු යැයි ද එම මාධ්‍ය හමුවේදී පොලිස්පතිනිය පවසයි.
සැකකරුවන් දෙදෙනා 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් බවත් ඔවුන් මේ වනවිට පොලිසියෙන් බේරී පලා යමින් සිටින බව ද වාර්තා වේ. සැකකරුවන් දෙදෙනා සොයා ප්‍රාන්ත මටට්මින් දැවැන්ත සෝදිසි කිරීම් ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.