උතුරු කොරියාව, රුසියාවට කාල තුවක්කු උණ්ඩ සපයන බවට අමෙරිකාවෙන් චෝදනා

නොවැ 03, 2022

    යුක්‍රේන යුද්ධය සඳහා උතුරු කොරියාව, රුසියාවට සැලකිය යුතු කාල තුවක්කු උණ්ඩ ප්‍රමාණක් සපයන බවට අමෙරිකාව චෝදනා කරනවා.

    එක්සත් ජනපද ජාතික ආරක්‍ෂක කවුන්සිලයේ ප්‍රකාශක, ජෝන් කර්බි විදෙස් වාර්තාකරුවන්ට පැවසුවේ මෙම කාලතුවක්කු උණ්ඩ, උතුරු කෙරියානු නැව් මගින් රහසිගතව රුසියාවට ලබා දීමට ක්‍රියා කර ඇති බවයි. ‍බුද්ධි තොරතුරු මගින් ඒ පිළිබඳව තහවුරු වී ඇති බව, ඔහු අවධාරණය කරනවා. උතුරු කොරියානු ආයුධ නැව්වල ගමනාන්තය සහ රුසියානු ආරක්‍ෂක අංශ එම ආයුධ ලබා ගන්නා ක්‍රමය පිළිබඳ තොරතුරු විදෙස් මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කර නැහැ. ඔහු කියා සිටියේ උතුරු කොරියාව රහසිගතව සපයන ආයුධ පිළිබඳව අමෙරිකානු බුද්ධි අංශ නිරීක්‍ෂණය කරමින් සිටින බවයි.

    Latest News