ආරක්ෂාව, සබඳතා වර්ධනය විශේෂ අවධානයට

ජූනි 19, 2024

    රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් උතුරු කොරියාවේ සංචාරයක නිරතව සිටිනවා.

    ඔහු උතුරු කොරියාවේ  පියොංයැං අගනුවරට පැමිණියේ වසර 24කට පසුවයි.

    උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් පියොංයැං අගනුවරදී රුසියානු ජනාධිපතිවරයා මහත් හරසරින් පිලිගනු ලැබුවා.  පුටින් පියොංයැං ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණියේ උතුරු කොරියානු වේලාවෙන් අලුයම 3ට පමණයි. 

    ඔහු සිය නිල ගුවන් යානයෙන් පැමිණෙන තුරු උතුරු කොරියානු නායකයා මඳ වෙලාවක් රතු පලස මත සිට නිරීක්ෂණය කරන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. ඔවුන් දෙදෙනා එක් නිල රථයක විශේෂ ආරක්ෂාව සහිතව ගුවන් තොටුපොලින් පිටත්ව ගියා.  

    රුසියානු ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් පියොංයැං අගනුවර විදී පුරා දෙරටේ ධජ සහ නායක දෙපලගේ රුව සහිත විශාල පුවරුවලින් සරසා තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  රුසියානු  ජනාධිපතිවරයා  වෙනුවෙන් නිල පිළිගැනීමේ උත්සවය පැවැත්වුණේ, කිම් ඉල් සුං චතුරශ්‍රයේදී.  පුටින් ජනාධිපතිවරයාට ආචාර කිරීම සඳහා  විශාල පිරිසක් එම චතුරශ්‍රය අවට රැස්ව සිටියා.

    අනතරුව පැවති සාකච්ඡාවලදී දෙරට අතර, සබඳතා වර්ධනය කර ගැනීම, ආරක්ෂක කටයුතු ඇතුළු කරුණු රැසක් පිළිබදව අවධානය යොමු කෙරණු බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.  පුටින් ජනාධිපතිවරයාගේ සංචාරයට එරට විදේශ ඇමති සර්ජි ලැව්රොව්, ආරක්ෂක අමාත්‍ය අන්ඩ්‍රෙයි බෙලොව්සොව් ඇතුළු දුත පිරිසක් එක්ව සිටිනවා.

    Latest News