ඉන්දියාව, රුසියාවෙන් තෙල් මිලදී ගැනීම අඛණ්ඩව

නොවැ 09, 2022

    රුසියාවෙන් තෙල් මිලදී ගැනීම අඛණ්ඩව සිදු කරන බව, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, සුබ්‍රමනියම් ජයශකර් පවසනවා.

    ඔහු එම අදහස් පළ කළේ, රුසියාවේ නිල සංචාරය අතරතුරයි.

    ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යවරයා කෘෂිකාර්මික, ඛනිජ‍ තෙල්, නාවික, මූල්‍ය සහ වෙළෙඳාම් යන ක්‍ෂේත්‍ර බාර රුසියානු නිලධාරීන් හමු වුණා.‍ සිය සංචාරයේ දී, ඔහු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් හමු වී, ද්විපාර්ශ්වීය සබඳතා පුළුල් කිරීමේ සාකච්ඡාවල නිරත වුණා. ලොව, තුන් වැනි විශාලතම තෙල් සහ ගෑස් පාරිභෝගිකයා වන්නේ ඉන්දියාවයි. විදෙස් වෙළෙඳපොළ තත්වයන් තම පාරිභෝගිකයාට වාසිදායක වන්නේ නම්, එය සහතික කිරීම තම වගකීම බවයි, ජයශංකර් ප්‍රකාශ කළේ. ඉන්දියාව - රුසියාව අතර වෙළෙඳ සබඳතාවය වාසිදායක ලෙස දෙරටටම පවතින බැවින්, එය නොකඩවා පවත්වාගෙන යාමට තම රජය පියවර ගන්නා බව, ඔහු සඳහන් කළා.

    Latest News