මියන්මාරයට තවදුරටත් සම්බාධක

නොවැ 09, 2022

    අමෙරිකාව සහ යුරෝපා සංගමයේ රටවල් කිහිපයක් මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවීමට තීරණය කර තිබෙනවා.

    එරට උද්ගත වී ඇති දැවැන්ත ආර්ථික අර්බුදයට එරෙහිව ජනතා උද්ඝෝෂණ ද ක්‍රියාත්මකයි.  ආර්ථික අර්බුදය විසඳීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි, උද්ඝෝෂකයන් හමුදා පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ. අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල්, මියන්මාර රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ඉලක්ක  කර ගෙනයි, සම්බාධක පනවා ඇත්තේ.

    අමාත්‍යවරයෙකු, අගවිනිසුරුවරයෙකු ඇතුළු පුද්ගලයන් 19 දෙනෙකුට මෙලෙස සම්බාධක පනවා තිබෙනවා. තවත් මියන්මාර ආයතන කිහිපයකට ද අදාළ සම්බාධක බලපැවැත්වෙනු ඇති. වසර දෙකකට පෙර මියන්මාරයේ හමුදා පාලනයක් ක්‍රියාත්මක වීමෙන් පසු එරට බරපතල මානව හිමිකම් කඩවීම් සහ ප්‍රචණ්ඩකාරී සිදු වීම් වාර්තා වුණා.

    මෙවන් තත්වයන් රැසක් සැලකිල්ලට ගෙනයි, සම්බාධක පනවා ඇත්තේ. මීට අමතරව, මියන්මාරයේ අවි අලෙවිය සිදු කරන සමාගමක් සහ එහි නිලධාරීන් කිහිපදෙනෙකු අසාදු ලේඛන ගත කිරීමට ද අමෙරිකානු රජය ක්‍රියා කර තිබෙනවා.

    Latest News