කළු මුහුදේදී රුසියානු ධජය සහිත නැවකට ප්‍රහාරයක්

අගෝ 05, 2023

    රුසියානු ධඡය සහිත ඉන්ධන නෞකාවකට කළු මුහුදේදී යුක්රේන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    කළු මුහුදේ කර්ච් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී  ප්‍රහාරය එල්ල වී ඇති බවයි, රුසියාවේ රාජ්‍ය පුවත් ඒජන්සිය පවසන්නේ.  ප්‍රහාරයෙන් ඉන්ධන නෞකාවේ එන්ජින් කාමරයට හානි සිදුව තිබෙනවා. 11 දෙනෙකුගෙන් යුත් කාර්යමණ්ඩලයට හානි සිදුව නොමැති බවයි වාර්තා  වන්නේ. යුක්‍රේන නාවික හමුදාව ඩ්‍රෝන යානයක් යොදා ගෙන ප්‍රහාරය එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ. ක්‍රිමියානු පාලමේ ආලෝකය නිවා දමා  ඇති අතර, සියලු ගමනාගමන කටයුතු ද නතර කර තිබෙනවා. රුසියානු රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ, යුක්‍රේන ප්‍රහාරයක් එල්ල විය හැකි බවට බුද්ධි  තොරතුරු ලැබීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

    Last modified on සෙනසුරාදා, 05 අගෝස්තු 2023 11:03

    Latest News