ගංඟාවේ සැඟවුණු ජීවිත 49

සැප් 08, 2023

    මාලි රාජ්‍යයේ ගංගාවක ගමන් කරමින් තිබූ යාත්‍රාවකට එල්ලවූ ප්‍රහාරයකින් 49 දෙනෙකු මියගොස් තිබෙනවා.

    එරට බලධාරීන් පවසන්නේ, ප්‍රහාරය ඉස්ලාමිය සටහන්කාමීන් සිදු කරන ලද්දක් බවයි. ගාඕ නගරයේ සිට මොප්ටි දක්වා නයිජර් ගංගාවේ ගමන් කරමින් තිබූ යාත්‍රාවකට සටන්කාමීන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඊට රොකට් ප්‍රහාර 3ක් එල්ල කර ඇති අතර, බලධාරීන් පවසන්නේ, ප්‍රහාරය සැළවීමත් සමග යාත්‍රාවේ සිටි සෙසු මගීන් මුදාගැනීමට කඩිනමින් එම ස්ථානයට හමුදාව යැවීමට පියවර ගත් බවයි.

    ඉස්ලාමිය සටන්කාමින් එම ප්‍රදේශයේ හමුදා කඳවුරකටද ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී මාලි හමුදා භටයින් 15 දෙනෙකු මියගිය බවයි වාර්තා කරන්නේ. හමුදා ප්‍රතිප්‍රහාරවලින් සටන්කාමීන් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මාලි බලධාරීන් පවසනවා. එරට අන්තර් පාලන රජය, දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. ඒ, ප්‍රහාරයෙන් මියගිය හමුදා සෙබලුන් සහ සිවිල් වැසියන් සිහි කිරීම වෙනුවෙන්.

    Latest News