මොරොක්කෝවේ ප්‍රභල භූකම්පනයක් - 300කට අධික පිරිසක් මරුට

සැප් 09, 2023

    මොරොක්කෝ රාජයේ සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් මේ වනවිට 300 කට ආසන්න ප්‍රමාණයක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    සුන්බුන්වල සිරවී සිටින පුද්ගලයින් මුදාගැනීමට සහන කණ්ඩායම් මෙහෙයුම් අකණ්ඩව සිදුකරමින් ඇති බව, එරට බලධාරීන් පවසනවා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය පවසන්නේ, භූකම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 6 යි දශම 8 ලෙස වාර්තා වී ඇති බවයි. එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, භූ කම්පනයේ කේන්ද්‍රස්ථානය "මැරකෑශ්" ප්‍රදේශයට නිරිත දෙසින් පොළොවේ සිට කිලෝමීටර 19 කට ආසන්න ගැඹුරින් සිදුව ඇති බවයි.

    ඉපැරණි "මැරකෑශ්" නගරය, යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබෙනවා. එම නගරයෙන් දැඩි හානි සිදුව ඇති බවයි, වාර්තා වන්නේ. භූමිකම්පාව හේතුවෙන් හානි වූ ගොඩනැගිලි සහ සුන්බුන් පිළිබඳව තහවුරු නොකළ දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වනවා. "මැරකෑශ්" ප්‍රදේශයේ රික්ටර් මාපක 5කට වැඩි භුකම්නපයක් සිදුවී ඇත්තේ වසර 100 කට අධික කාලයකට පසුව බවයි, එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය ආයතනය අවධාරණය කරන්නේ. මොරොක්කෝවට බලපෑ අවසන් මහා භූමිකම්පාව සිදුවූයේ 2004 වසරේදී වන අතර, "එල් හොසේයිමා" නගරයේ රික්ටර් මාපක 6 යි දශම 3 ප්‍රබලත්වයෙන් හටගත් භූකම්පනයෙන් පුද්ගලයින් 600 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    Last modified on සෙනසුරාදා, 09 සැප්තැම්බර් 2023 10:28

    Latest News