මෙම සමුළුව සඳහා ලෝකයේ ධනවත්ම රටවල නායකයෝ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට රැස්ව සිටිනවා. මෙවර පැවැත්වෙන සමුළුවේදී ආහාර සුරක්ෂිතතාව, අවදානමට ලක්විය හැකි රටවල ණය ගැටලු සහ දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීමට අපේක්ෂා කෙරනවා. මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වන්නේ, "තිරසර සංවර්ධනයයි".
විදෙස් මාධ්‍ය පවසන්නේ, යුක්ක්‍රේන රුසියානු යුද්ධය පිළිබඳව මෙහිදී විශේෂ ලෙස අවධාරණය යොමු කරනු ඇති බවයි. කෙසේවෙතත්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මෙම සමුළුවට සහභාගී නොවන බව, එම රටවල බලධාරීන් ප්‍රකාශ කොට තිබෙනවා. මෙම වසරේ සමුළුව නවදිල්ලියේ මෑතකදී ප්‍රතිසංස්කරණය කරන ලද සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් වන භාරත් මණ්ඩපම්හිදී පැවැත්වෙනවා.
ලෝක ජනගහනයෙන් 60% ක් "ජී 20" සාමාජික රටවලට අයත් වනවා. එමෙන්ම ගෝලීය ආර්ථික නිමැවුමෙන් 80% කට අධික ප්‍රමාණයක් ඇත්තේ මෙම සාමාජික රටවලටයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිශි සුනාක්, ජර්මානු චාන්සලර් ඔලැෆ් ෂෝලොස් ඊයේ දින මෙම සමුළුවට සහභාගී වීමට ඉන්දියාවට පැමිණියා. අවදානමට ලක්විය හැකි රටවල ණය ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මහත්මියද ඊයේ දින ඉන්දියාවට පැමිණ තිබෙනවා.