ඇවිලෙන යුධ ගැටුම් මැද තවත් ශ්‍රී ලාංකිකයෙක් ගැන තොරතුරු සෙ‍ායයි

ඔක් 09, 2023

    දකුණු ඊශ්‍රාලයේ ප්‍රහාරවලින් තුවාල ලැබු සුජිත් ප්‍රියංකර නැමති ශ්‍රී ලාංකිකයාගේ තත්වය බරපතල නොවන බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කරනවා.

    ඊශ්‍රායල් හමුදාවේ සහාය ඇතිව ප්‍රියංකර මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ බව තානාපතිවරයා සඳහන් කළා. ඔහු දැනට "බ්‍රාසීලායි" වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    තුවාල ලැබු සුජිත් ප්‍රියංකර මහතා ආරක්ෂා සහිතව ඉවත් කර ගැනීමට ඔහු සේවය කළ හෝටලයේ හිමිකරු මෙන්ම ගිලන්රථ සේවාවෙන් සහය හිමිවු බව තානාපතිවරයා මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    මේ අතර, තවත් ශ්‍රී ලාංකික තරුණයෙකු පිළිබඳ තොරතුරු නොමැති බව වාර්තා වන අතර, ඔහු පිළිබඳ තොරතුරු ලබා ගැනීමට උත්සහ දරමින් සිටින බවත් ඒසේ නොමැති වුවහොත්, රතුකුරුස සංවිධානයට ඒ පිළිබඳව විමසීමට ක්‍රියා කරන බව ශ්‍රී ලංකාවේ එරට තානාපති කාර්යාලය කියා සිටිනවා.

    රතුකුරුස සංවිධානය රැගෙන ගිය පිරිස අතර ඔහු සිටියේද යන්න තහවුරු කර ගැනීමට ක්‍රියා කරන බව එම කාර්යාලය පවසනවා.

    තානාපති කාර්යාලයීය සේවකයින් ශ්‍රී ලාංකියන් පිළිබඳ සොයා බැලීමේ නිරතව සිටිනවා. සෙසු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව සිටින බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 09 ඔක්තෝබර් 2023 13:20

    Latest News