ගාසා ගිනිගනිද් දී ජීවිතෙන් වන්දි ගෙවූවන් 1100 ක්

ඔක් 09, 2023
    ඊශ්රායලය සහ පලස්තීන සටන්කාමී හමාස් සංවිධානය අතර, ඉකුත් සෙනසුරාදා ආරම්භ වූ යුද ගැටුම් උත්සන්න වීමෙන් දෙරටේම වැසියන් 1100 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තිබෙනවා.

    ගාසා තීරයේ ගුවන් ප්රහාරවලින් එක්ලක්ෂ විසිතුන්දහසක පිරිසක් අවතැන්ව සිටින බවයි වාර්තා වන්නේ.

    ඊශ්රායලය මේ වන විට ගාසා තීරය ආසන්න කලාපයට ලක්ෂයක හමුදා භට පිරිසක් යොදවා තිබෙනවා.
     
    එසේම ඊශ්රායලය, ගාසා තීරයට නොනවත්වා දිගින් දිගටම ගුවන් ප්රහාර එල්ල කරමින් සිටින බවත්, විදෙස් මාධ්ය වාර්තා සඳහන් කරනවා. හමාස් සංවිධානයේ ඉලක්ක 500 කට වැඩි ප්රමාණයකට මෙම බෝම්බ ප්රහාර එල්ල වී තිබෙනවා.
     
    ප්රහාරක ජෙට් යානා හෙළිකොප්ටර් සහ කාලතුවක්කු යොදා ගනිමින් ඊශ්රායලය මෙම ප්රහාර එල්ල කළ බවයි, එරට රජය පවසන්නේ. දෙපාර්ශ්වය අතර මේ වන විටත් දරුණු ගැටුම් ක්රියාත්මක වනවා. දකුණුදිග ඊශ්රායලයේ ප්රදේශ තුනක මෙම ගැටුම් ක්රියාත්මකයි.
     
    ඊශ්රායලය පවසන්නේ, හමාස් සංවිධානය සමග පවතින යුද ගැටුම් බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් පැවතෙනු ඇති බවයි.
     
    මේ අතර, අමෙරිකාව, ඊශ්රායලයට සහය දැක්වීමක් වශයෙන් එරට යුද නෞකා කිහිපයක් ඊශ්රායලය ආසන්නයට යොදවා තිබෙනවා.
     
    අමෙරිකාව, ඊශ්රායලයට ආයුධ තොගයක් ද ලබා දීමට නියමිත බවයි, වාර්තා වන්නේ. එහෙත්, හමාස් සංවිධානය ඊශ්රායලය තුළ සිදු කරන මෙම ප්රහාර මාලාවට තම රටේ කිසිදු මැදිහත්වීමක් නොමැති බව, ඉරානය පවසනවා.
     
    මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ, ගාසා තීරය තුළ පලස්තීන වැසියන් ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි.
    ඊශ්රායලය දිගින් දිගටම එල්ල කරන බෝම්බ ප්රහාර හේතුවෙන් ඔවුන් මෙලෙස අවතැන් වී සිටිනවා.
     
    මේ අතර, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය මෙම යුද්ධය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමට අපොහොසත් වී තිබෙනවා.
     
    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසි රැස්වීමක් කැඳ වූ අතර, මෙහිදී, හමාස් සංවිධානය හෙළා දැකිය යුතු බව, අමෙරිකාව සඳහන් කළ ද රුසියාව ප්රමුඛ රටවල් සඳහන් කර ඇත්තේ, මේ පිළිබඳව වෙනත් කෝණයකින් බැලිය යුතු බවයි.
     
    මේ අතර, ආසියානු රටවල් රැසක්ම ඊශ්රායලය වෙත කෙරෙන ගුවන් ගමන් මුළුමණින්ම නවතා දැමීමට තීරණය කර තිබෙනවා. චීනය, හොංකොං, දකුණු කොරියාව මේ අතර ප්රධානයි.
     
    ගාසා තීරය තුළ ඊශ්රායල ජාතිකයින් ඇතුළු 130 දෙනෙකු පමණ තම අත්අඩංගුවේ සිටින බව, හමාස් සංවිධානය පවසනවා. ඒ අතර, ජ්යේෂ්ඨ ඊශ්රායල නිලධාරියෙකු ද සිටින බවයි, ඔවුන් පවසන්නේ.
     
    හැත්තෑහතරදහසකට ආසන්න පිරිසක් නවාතැන් සොයමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
     
    අමෙරිකාවේ USS ජෙරල්ඩ් ආර් ෆෝඩ් ගුවන් ප්රහාරක නෞකාව මේ වන විට ඊශ්රායලයට සමීප වෙමින් සිටින බව ද වාර්තා වනවා. ඊයේ රාත්රී වන විටත් ගාසා තීරයේ සිට දකුණු ඊශ්රායලට රොකට් ප්රහාර එල්ල වෙමින් පැවති බවයි BBC මාධ්ය වාර්තා සඳහන් කරන්නේ.
     
    දිගු කාලීන සහ වඩාත් දුෂ්කර යුද්ධයක් ආරම්භ වී ඇති බව, ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. ඊශ්රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්රහාර වේගවත් කර තිබෙනවා.
     
    එම ප්රහාරවලින් 2,000 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි, පලස්තීන බලධාරීන් පවසන්නේ.
     
    ඔවුන්, තම රටට එරෙහිව කළ ආක්රමණයට ඉහළම ප්රතිචාරය දක්වන බවට, ඊශ්රායල අග්රමාත්යවරයා ප්රතිඥා දී තිබෙනවා.
     
    ඊශ්රායල හමුදාව පවසන්නේ, හමාස් සටන්කාමීන්ට එරෙහිව ඊශ්රායලයේ ප්රදේශ 22 ක විශේෂ මෙහෙයුම් ක්රියාත්මක කර ඇති බවයි.
     
    ඊශ්රායල ආරක්ෂක කවුන්සිලය ගාසා තීරයට විදුලිය, ඉන්ධන සහ භාණ්ඩ සැපයීම නවතා දැමීමට තීරණය කර ඇති බවද වාර්තා වනවා.
    Last modified on සදුදා, 09 ඔක්තෝබර් 2023 13:19

    Latest News