කැමරුන් රාජ්‍යයේ නායයාමක්

ඔක් 10, 2023

    කැමරුන් රාජ්‍යයේ "යඋන්දේ" අගනුවර සිදු වූ නාය යාමකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

    විදෙස් මාධ්‍ය පවසන්නේ, තවත් බොහෝ පිරිසක් අවතැන්ව ඇති බවයි.

    මියගිය පුද්ගලයින්ගේ ගණන තවදුරටත් ඉහළ යා හැකි බවයි, කැමරූන් බලධාරීන් පවසන්නේ.

    ඉහළ වර්ෂාපතනය සහ නායයෑම් අවදානම හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධා ඇති වී තිබෙනවා.

    අධික වර්ෂාපතනය හේතුවෙන් Mefou (මේෆූ) ගංගාව ඉවුර කැඩී යාමෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති බවයි, වාර්තා වන්නේ.

    මෙම ප්‍රදෙශයේ නිවාස රැසක් ඉදිකර ඇත්තේ, කඳුකරය ආශ්‍රිතවයි. නායයෑමෙන් නිවාස රැසක් විනාශ වී තිබෙනවා.

    Latest News