ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

ඔක් 11, 2023
    දෙදහසකට ආසන්න පිරිසකට මරු කැඳවමින් බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ භූ කම්පනයෙන් දින කිහිපයකට පසු, අද අලුයම නැවතත් දෙවැනි භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
    විදෙස් මාධ්ය සඳහන් කරන්නේ, එහි බලපෑම තවමත් වාර්තා වී නොමැති බවයි.
     
    පළමු භූ කම්පනය සිදුවූ ''හෙරාත්'' නගරයට කිලෝමීටර 28 ක් දුරින් අද අළුයම 5.00 ට පමණ දෙවැනි භූ කම්පනය සිදුව තිබෙනවා.
     
    ඉකුත් සෙනසුරාදා සිදුවූ රිච්ටර් මාපක 6.3 ක ප්රබල භූ කම්පනයෙන් 1600 ක් පමණ තුවාල ලැබ අතර, 500 දෙනෙකු තවමත් අතුරුදන්. කුඩා දරුවන් හා කාන්තාවන් බොහෝ පිරිසක්ද ඒ අතර, සිටින බව වාර්තා වනවා.
     
    නිවාස දහසකට අධික සංඛ්යාවක් මුළුමනින්ම විනාශ වුණා. සුන්බුන් අතර මළසිරුරු සෙවීමේ මෙහයුම් තවමත් ක්රියාත්මකයි.
     
    එක්සත් ජාතීන්ගේ නියෝජික ආයතනය භූකම්පනයෙන් සිදුවූ ජීවිත හානි දේපළ හා තක්සේරු කරමින් සිටින අතර, එක්සත් ජාතීන්ගේ මානූෂීය සම්බන්ධිකරණ ආයතනය, ඇෆ්ගනිස්ථාන මානූෂිය අරමුදලට ඩොලර් මිලියන 5 ක් හදිසි සංචිත ලෙස අනුමත කර තිබෙනවා.
     
    චීන රතු කුරුස සමාජය, ඇෆ්ගනිස්ථානයේ "රතු අඩ සඳ සංවිධානය" වෙත ඩොලර් ලක්ෂ 2 ක ආධාර ලබා දීමට නියමිතයි.
     
    මේ අතර, තුර්කි විදේශ කාර්යාලය නිවේදනය කර ඇත්තේ, ආපදාවට පත් ප්රදේශ යථා තත්වයට පත් කිරීමට සහය දැක්වීමට සූදානම් බවයි.
    ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජාතීන්ගේ මානූෂිය කටයුතු පිළිබඳ කාර්යාලය පවසන්නේ.
     
    එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන වෛද්ය ආධාර හා හදිසි සැපයුම් කඩිනම් කිරීමට පියවර ගෙන ඇති බවයි.
    Last modified on බදාදා, 11 ඔක්තෝබර් 2023 10:30

    Latest News