මිය ගිය සංඛ්‍යාව 1300 ඉක්මවයි

ජූනි 24, 2024

    සෞදි අරාබියේ හජ් වන්දනාව අතරතුර දැඩි උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 1,300 ඉක්මවා ගොස් ඇති බව, වාර්තා වනවා.

    මක්කම ප්‍රදේශයේ තවදුරටත් ඉහළ යමින් පවතින දැඩි උණුසුම් කාලගුණ තත්වය, වන්දනාකරුවන්ට දැඩිව බලපා ඇති බවයි, වාර්තා වන්නේ.

    මිය ගිය වන්දනාකරුවන්ගෙන් 4 න් 3 කට වැඩි පිරිසක් හජ් වන්දනාව සඳහා නිල බලපත්‍ර නොතිබුණු පිරිස බවයි, වාර්තා වන්නේ.

    ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැතිවීම, අධික උෂ්ණත්වයත් සමග එළිමහන් වන්දනා කටයුතුවල යෙදීම, නිදන්ගත රෝගී තත්වයන්ගෙන් පෙලුණු සහ වයෝවෘද්ධ පිරිස දැඩි සෞඛ්‍ය අවදානමකට ලක්ව ඇති බවයි, සෞදි බලධාරීන් පෙන්වා දෙන්නේ.

    කෙසේ වෙතත්, මේ වන විට මිලියන භාගයකට ආසන්න වන්දනාකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදී ඇති අතර, බලපත්‍ර නොමැති එක්ලක්ෂ 40,000 කට වැඩි පිරිසකට ප්‍රතිකාර ලබා දුන් බවයි, සෞදි බලධාරීන් ප්‍රකාශ කරන්නේ. සෞඛ්‍ය අවදානමට ලක් වූ බොහෝ පිරිසක් මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    Last modified on සදුදා, 24 ජූනි 2024 13:25

    Latest News