චීනයේ දිය රකුසා 80ක් ඩැහැ ගනියි

ජූනි 27, 2024
    දකුණු දිග ‍‍චීනයේ ප්රකදේශ රැසකට බලපා ඇති ගංවතුර සහ නායයෑම් තවදුරටත් උත්සන්න වෙමින් පවතිනවා.

    එරට මාධ්ය සඳහන්‍ කරන්නේ, මිය ගිය පිරිස 80 කට ආසන්න බවයි. මේ වන විට නැගෙනහිර චීනයට ද ගංවතුර තත්වයේ දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.

    චීනයේ දකුණු දිග ප්රබදේශ රැසකට ගංවතුර සහ නායයෑම්වලින් බලපෑම් එල්ල වී ඇත්තේ, ‍සතියක පමණ කාලයක සිටයි.
    ලක්ෂව 10 කට අධික පිරිසක් ඉන් පීඩාවට පත්ව තිබෙනවා. ගංඟා පිටාර ගැලීම හේතුවෙන් නැගෙනහිර චීනයේ ජියැංග්සි සහ අන්හුයි ප්රබදේශ ද නාය අවදානමට ලක්ව ඇති බව සඳහන්.
    ගමනාගමන කටයුතු මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති අතර, ආපදාවට පත්වූවන් මුදා ගැනීමේ කඩිනම් මෙහෙයුම් ක්රිපයාත්මකයි.
    ජියැංග්සි ප්රසදේශයේ ඝන පස් තට්ටු කඩා වැටීම නිසා මාර්ග සහ පාලම් රැසක් අලාබ හානියට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ. පළාත් පාලන ආයතන මගින් විපතට පත්වූවන් සඳහා ආහාර සහ සහන මෙහෙයුම් කඩිනම් කර තිබෙනවා.

    Latest News