“හෙලේන්” එක්සත් ජනපදයට රිංගයි

සැප් 26, 2024
    “හෙලේන්” ප්‍රබල සුළි කුණාටුවෙන් එක්සත් ජනපදයේ ප්‍රදේශ රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

    එරට කාලගුණ විද්‍යා අංශ පවසන්නේ සුළි කණාටුව අද පස්වරුවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට ඇතුළු වනු ඇති බවයි.

    “හෙ‍ලේන්” සුළි කුණාටුව මේ වනවිට සිව්වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් පවතිනවා.
    මෙහි බලපෑම හමුවේ එක්සත් ජනපදයේ ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් මෙන්ම ගංවතුර තත්වයක් ද හටගත හැකි බවටයි කාලගුණ විද්‍යා අංශ අනාවැකි පළ කර ඇත්තේ.
    ෆ්ලොරිඩා, ජෝජියා,වර්ජිනියා ඇතුළු ප්‍රාන්ත කිහිපයක් සඳහා මේ වනවිට හදිසි තත්වයක්ද ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

    Latest News