බහුආංශික ප්‍රධාන ආධාර ලබා ගැනීමට ඉන්දු - ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක්

දෙසැ 24, 2024
    බහුආංශික ප්රධාන ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

    මේ යටතේ, ශ්රී ලංකාවට රුපියල් මිලියන 2371 ක ආධාරයක් හිමි වීමට නියමිතයි. මුදල් ක්රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

    ඉන්දියාව සමග ඇති කර ගැනීමට නියමිත සංවර්ධන සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් රාමුවක් ඉදිරියේදී, අත්සන් කිරීමට යෝජිතව තිබෙනවා.
     
    මෙම බහුආංශික ප්රධාන ආධාර ගිවිසුම අනුව හිමි වන මුදල් නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට නියමිතයි.
     
    අධ්යාපන, සෞඛ්ය, කෘෂිකර්ම ඇතුළු ක්ෂේත්රවල ව්යාපෘති 33 ක් ඒ යටතේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

    Latest News