කහ කබාකරුවන්ගේ ඉල්ලීම් සාධාරණයි - ප්‍රංශ ජනාධිපති

අප්‍රේ 26, 2019

    අදාළ සංශෝධන නුදුරේදීම සිදුකිරීමට ජනාධිපති මැක්‍රොන් සූදානමින් පසුවන බව, විදෙස් මාධ්‍ය පවසයි.

    මාස ගණනාවක් ප්‍රංශයේ පැරිස් අගනුවර කේන්ද්‍ර කර ගනිමින් පැවැති කහ කබාකරුවන්ගේ විරෝධතා සමනයට පත්කරමින් බදු කපාහැරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් ඉටුකිරීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පොරොන්දු වී ඇත.

    මේ අනුව වැඩි විශ්‍රාම වැටුප් ලබාදීමටත්, සිවිල් සේවයේ සංශෝධන සිදුකිරීමටත් ජනාධිපතිවරයා එකඟවී ඇති බව සඳහන් වේ.

    ඉල්ලීම් රැසක් යටතේ කහ කබාකරුවන්ගේ විරෝධතා ආරම්භ කෙරුණේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය.

    Latest News