ඒ අනුව විලියම් කුමරු සිය සංචාරය ආරම්භ කරනු ලැබුවේ අගමැතිනි ජසින්ඩා එකිනෙකාගේ නාසය (හොන්ගි) තද කරමිනි. ඕස්ට්‍රේලියානු සම නවසීලන්ත හමුදා වීරයින් සිහිපත් කිරීමෙන් අනතුරුව විලියම් කුමරු පසුගිය මාර්තු මාසයේ දී මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිසගේ පවුල්වල සාමාජිකයින් හමු විය. ඊට අමතරව හදිසි සේවා සේවකයින් හා මුස්ලිම් ප්‍රජාව මුණ ගැසීමට ද ආදිපාදවරයා බලාපොරොත්තු වන බව වාර්තා වේ. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ගන් එළිසබෙත් රැජිණ ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඇය වෙනුවෙන් විලියම් කුමරු මෙම සංචාරයට එක් වී ඇත.