ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණ ව්‍යාපාරය නිළ වශයෙන් ඇරඹේ

ජූලි 05, 2019

    ජපාන පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ මැතිවරණ ව්‍යාපාරය නිළ වශයෙන් ආරම්භ කෙරේ.

    ආසන 124ක් සඳහා අපේක්ෂකයින් 360කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරති.

    සමානුපාතික නියෝජනය තුළින් තොරාගත් 50 දෙනෙකු සමග මැතිවරණ දිස්ත්‍රික්ක වලින් අපේක්ෂකයින් 74 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

    පාලක පක්ෂය අවම වශයෙන් ආසන 53ක් දිනා ගැනීම අවශ්‍ය වේ.

    පවතින ගැටළු මධ්‍යයේ අගමැති ෂින්සෝ අබේ මහතාගේ පරිපාලනයේ සමස්ත ක්‍රියාකාරිත්වය පිළිබඳ ජනවරම ජුලි 21 වෙනි දින පැවැත්වීමට නියමිතයි.

    මතභේදාත්මක විශ්‍රාම වැටුප් වාර්තාවක් සම්බන්ධයෙන් ජනතාව කලබලයට පත්ව ඇති පසුබිමක මැතිවරණය ක්‍රියාත්මක වෙමින් පවතී.

    ව්‍යවස්ථාව පිළිබඳ සංශෝධන කඩිනම් කිරීමට පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අවශ්‍යව තිබේ.

    එහෙත් දෙවන ලෝක යුද්ධය අවසානයෙන් පසු ජපානය සහ එහි ජනතාවගේ ආරක්ෂාව සහතික කර ඇති සාමවාදී ව්‍යවස්ථාව වෙනස් කිරීමට එරෙහිව දැඩි ලෙස ප්‍රධාන විරුද්ධ පක්ෂයන් පෙළ ගැසී සිටිති.

    පවතින මන්ත්‍රී මණ්ඩලයේ කාල සීමාව ජූලි 28 වැනිදා අවසන් වන අතර ඉදිරි වසර 6ක කාලය සඳහා පාර්ලිමේන්තු නියෝජිතයින් තෝරා ගැනීමට මැතිවරණය පවත්වනු ලැබේ.

    Latest News