ජම්මු හා කාශ්මීරයට වැඩි ස්වාධීනත්වයක්

අගෝ 05, 2019

    ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයට විශේෂ බලතල හිමිවූ වගන්ති ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමේ යෝජනා ඉන්දීය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ජම්මු හා කාශ්මීර් වෙත වැඩි ස්වාධීනත්වයක් ලැබී තිබුණේ, ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තියට අනුවයි. 1949දී ඉන්දීය ව්‍යවස්ථාවට එක් කෙරුණු විශේෂ විධිවිධාන යටතේ ජම්මු හා කාශ්මීර් ප්‍රාන්තයට වෙනම කොඩියක්, වෙනම ව්‍යවස්ථාවක් ඇතුළු ස්වාධීන බලතල රැසක් හිමිවිය. එහිදී ප්‍රාන්තයට අහිමිවුයේ විදේශ කටයුතු ආරක්‍ෂක හා සන්නිවේදන විෂයන් පිළිබඳ බලතල පමණි. දශක 07කට ආසන්න කාලයක් ප්‍රාන්තයේ පැවති ගැටුම් නිමාකිරීම සඳහා විශේෂ විධිවිධාන අහෝසි කරන බව, නරේන්ද්‍ර මෝදිගේ දෙවැනි මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ප්‍රතිඥා දී තිබුණි.

    ඒ අනුව, ඊට අදාළ යෝජනා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා විසින්. විපක්‍ෂයේ දැඩි විරෝධතා මධ්‍යයේ පාර්ලිමේන්තුව ඇමතූ අමාත්‍යවරයා තවත් නොබෝ දිනකින් ජනාධිපතිවරයාගේ අත්සන ලැබුණු පසු නව නීති ක්‍රියාත්මක වන බව ද පැවසීය.

    Latest News