උතුරු කොරියාව තවත් මිසයිල 2ක් අත්හදා බලයි

අගෝ 06, 2019

    උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා තිබේ. දකුණු කොරියාව පවසන්නේ පසුගිය සති දෙක තුළ ඔවුන් මිසයිල 4ක් අත්හදා බලා ඇති බවයි.

    මෙම මිසයිල ගුවන්ගත කර ඇත්තේ, දකුණුදිග හ්වැන්ගේ පළාතේ සිට ගොඩබිමට ඉහළින් ගොස් නැගෙනහිර මුහුදට කඩා වැටෙන අයුරින්. මේ පිළිබඳ අමෙරිකාව සඳහන් කර ඇත්තේ උතුරු කොරියාවේ ක්‍රියාකාරකම් පිළිබඳ තම රට විමසිල්ලෙන් පසුවන බවයි. එසේම ජපානය හා දකුණු කොරියාව සමග මේ පිළිබඳව සාකච්ජා කරන බවත්, අමෙරිකාව පවසයි.

    අමෙරිකාව හා දකුණු කොරියාව එක්වී පැවැත්වීමට නියමිත යුද අභ්‍යාසයට විරෝධය පළ කිරීමක් වශයෙන් උතුරු කොරියාව මෙම අත්හදා බැලීම් සිදුකරන බවයි, විදෙස් මාධ්‍ය පවසන්නේ.

     

     

    Last modified on අඟහරුවාදා, 06 අගෝස්තු 2019 08:47

    Latest News