වර්ගවාදය පතුරුවන දේශපාලන නායකයින්ට ඔබාමාගෙන් රතු එලියක්

අගෝ 06, 2019

    වර්ගවාදය පතුරුවන හා වෛරී ප්‍රකාශන සිදුකරන දේශපාලන නායකයන් ප්‍රතික්ෂේප කරන ලෙස, අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා ජනතාවගෙන් ඉල්ලා සිටී.

    වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ප්‍රකාශ කර ඇත්තේ, සුදු ජාතික වර්ගවාදය ප්‍රතික්ෂේප කරන බවයි. පසුගිය කාලසීමාවේ අමෙරිකා එක්සත් ජනපදයේ සිදුවූ වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා බෙහෙවින් ඉහළ ගොස් තිබේ. ඒ සම්බන්ධව හිටපු ජනාධිපති බැරක් ඔබාමා විශේෂ ප්‍රකාශයක් නිකුත් කර ඇත. ඔහු පෙන්වා දී ඇත්තේ, සංක්‍රමණිකයන්ට තර්ජනය කිරීම මෙන්ම, ඔවුන් පහතට හෙලා ක්‍රියාකිරීම බරපතල වරදක් බවයි. ගිනි අවි පාලනය සඳහා අමෙරිකාව වහා විධිමත් පියවර ගත යුතු බවට ද බැරක් ඔබාමා අවධාරණය කර තිබේ.

     

     

    Last modified on බදාදා, 07 අගෝස්තු 2019 10:11

    Latest News