චීන ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය රතු නිවේදනයක් නිකුත් කරමින් ලෙකීමා සුළි කුණාටුව සම්බන්ධයෙන් ඊයේ අනතුරු ඇගවීමක් නිකුත් කළේය. කුණාටුව පැයට කිලෝමීටර 190ක වේගයකින් ඊයේ තායිවානය හරහා හමා ගියේය. එය පැයට කිලෝමීටර 107.2ක වේගයෙන් අද චීනයට බලපා තිබේ. ලක්ෂ 7ක පමණ පිරිසක් අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් කෙරිණ.