ට්‍රිලියන 5කින් යුත් ආර්ථික ඒකකයක් ගොඩනගන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි

අගෝ 17, 2019

    ඉදිරි වසර 5 තුළ ඇ.ඩො. ට්‍රිලියන 5කින් යුත් ආර්ථික ඒකකයක් ගොඩ නගනු ඇති බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි.

    ඉන්දියාවේ 73 වැනි නිදහස් දිනය නිමිති කර ගෙන එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නවදිල්ලිහි පිහිටි රතු චතුරශ්‍රයේදී දේශනයක් පවත්වමින් ඒ බව සඳහන් කළේය.

    එම දේශනය හෙතෙම යළි වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසුව සිදුකල ප්‍රථම නිදහස් දින දේශනයයි.

    තම රටේ ආර්ථික සංවර්ධනය තවදුරටත් ඉදිරියට මෙහෙයවනු ඇති බව මෝදි මහතා එහිදී සඳහන් කර තිබේ.

    ඔහු පැවසුවේ පසුගිය 2014 වසරේ සිට මෙම වස‍ර දක්වා, තම රටේ ආර්ථික වටිනාකම ඇ. ඩො. ට්‍රිලියන 3ක් දක්වා වැඩි වී තිබෙන බවයි.

    එහෙත් ඉන්දියාව ඇ. ඩො. ට්‍රිලියන 2ක් සහිත ආර්ථික ඒකකයක් බවට පත් වූයේ වසර 70ක් ගත කරමිනි.

    ගෙවි ගිය වසර 5 තුළ සමස්ත ආර්ථික වටිනාකම ඇ.ඩො.එක් ට්‍රිලිනයකින් වැඩි කිරීමට ඉන්දියාව සමත් විය.

     

    Latest News