කැතේ පැසිෆික් ගුවන් සේවයට නව කළමණාකාරීත්වයක්

අගෝ 17, 2019

    හොංකොං විශේෂ පරිපාලන කලාප‍යේ කැතේ පැසිෆික් ගුවන් සේවයේ ප්‍රධාන විධායක Rupert Hogg මහතා සහ ප්‍රධාන පාරිභෝගික හා වාණිජ නිලධාරී Paul Loo මහතා එම තනතුරු වලින් ඉල්ලා අස්වෙති.

    ලබන 19 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බව ඔවුන් දැනුම් දී ඇත.

    එම තනතුරු සඳහා නව නිලධාරීන් දෙදෙනෙකු පත් කර තිබේ.

    කැතේ පැසි‍ෆික් ගුවන් සේවයේ සභාපති John Slosar මහතා සඳහන් කර ඇත්තේ තම ගුවන් සේවය සඳහා හොංකොං ඉතා විශිෂට ස්ථානයක් බවයි.

    හොංකොං ලොව ඉහළ මට්ටමේ නගරයක් සහ විශාලතම මගී හා භාණ්ඩ හැසිරවීමේ ගුවන් තොටුපළකින් ද සමන්විත බව හෙතෙම සඳහන් කරයි.

    මෑතකදී ඇතිවූ සිද්ධීන් හේතුවෙන් කැතේ පැසි‍ෆික් ගුවන් සේවයේ ගුවන් සුරක්ෂිත බව පිළිබඳ ප්‍රශ්න මතු කෙරිණ.

    එය ගුවන් සේවයේ පිළිගැනීමට සහ පීඩනයකට හසුවීමට තුඩු දුන් බව ද සභාපතිවරයා සඳහන් කළේය.

    එවන් තත්ත්වයක් මත විශ්වාසය යළි ගොඩනැංවීම වෙනුවෙන් නව කළමණාකාරීත්වයක් පත්කිරීමට තීරණය කළ බව හෙතෙම කියා සිටී.

     

    Latest News