පිලිපීනයේ මින්දනාඕ දුපත ආශ්‍රිතව මේ භූ කම්පනය හටගෙන තිබේ. එය රිච්ටර් මාපකයේ 6යි දශම 4ක් ලෙස සටහන්ව තිබූ බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මියගිය දරුවා කඩා වැටුණු නිවසක තාප්පයකට යටවී තිබේ. අනතුරුව ඔහුව රෝහල් ගතකර තිබිය දී මියගොස් තිබූ බවයි, වාර්තා වන්නේ.
භූ කම්පනය හේතුවෙන් ගොඩනැගිලි රැසකට අලාභ හානි සිදුව තිබේ. ඇතැම් ස්ථානවල සුපිරි වොළෙඳ සංකීර්ණ ද ගිනිගෙන ඇති බවයි, වාර්තා වන්නේ.