කසකස්තානයේ 100ක් රැගත් ගුවන් යානයක් කඩා වැටේ

දෙසැ 27, 2019

    කසකස්තානයේ 100 දෙනෙකු රැගත් ගුවන් යානයක් අනතුරකට පත්ව තිබේ.

    එයින් පුද්ගලයන් 9දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ.

    අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 95ක් සහ කාර්ය මණ්ඩලය 5 දෙනෙකු සිට ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

    කසකස්තානයේ අල්මාට් අන්තර්ජාතික ගුවන් තොටුපලින් අද උදෑසන ගුවන් ගත වූ බෙක් එයාර් ගුවන් සමාගමට අයත් යානය සුළු මොහොතකින් අනතුරට පත්ව තිබේ. අනතුර සිදුවන අවස්ථාවේ අධික මීදුම් තත්වයක් ගුවන් තොටුපොල ආසන්නයේ පැවති බවයි වාර්තා වන්නේ. අනතුරින් දිවි ගලවා ගත් පුද්ගලයන් සිටින බව ගුවන් තොටුපල බලධාරීන් තහවුරු කරයි. යානය ගමන් කර ඇත්තේ අල්මාට් සිට කසකස්තානයේ අගනුවර වන නූර් සුල්තාන් දක්වායි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Last modified on සිකුරාදා, 27 දෙසැම්බර් 2019 10:22

    Latest News