උතුරු ඉරාකයේ මංගල උත්සවයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 100 දෙනෙකු මියගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාක රජය 2016 වසරේ 300ක පමණ පිරිසකට මරු කැඳවූ, බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වරදකරුවන් වූ තිදෙනෙකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ වසර අවසන් වන විට ඉරාකයේ රැඳී සිටින සියලුම අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරයි.

ඉරාකයේ කොරෝනා ප්‍රතිකාර රෝහලක ඇති වූ ගින්නකින් 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.

ඉරාකයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකකට බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ලවී ඇති බව අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

ඉරාකයේ බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. අමෙරිකානු ගුවන් ප්‍රහාරවලට එරෙහිව පැවැත්වෙන විරෝධතා ව්‍යාපාර අතරතුර මෙම ප්‍රහාරය ඊයේ එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ.

ඉරාක උද්ඝෝෂකයේ පිරිසක් දකුණුදිග නජාෆ් නගරයේ ඉරාන කොන්සල් කාර්යාලයකට ගිනිතබා තිබේ.

අමෙරිකානු හමුදා ඉරාකයේ රැඳවීම සම්බන්ධයෙන්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙස, ඉරාක අගමැති අඩෙල් අබ්දුල් මාදි ඉල්ලා සිටියි.

Latest News