අයි එස් මහ මොළකරු ඉරාකයේදී කොටුවෙයි

අගෝ 29, 2023

    ඉරාක රජය 2016 වසරේ 300ක පමණ පිරිසකට මරු කැඳවූ, බෝම්බ ප්‍රහාරයකට සම්බන්ධ වරදකරුවන් වූ තිදෙනෙකුගේ මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

    ඔවුන් එල්ලා මැරීමට පියවර ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    2016 වසරේ ජූලි 3 වැනි දින ඉරාකයේ "බැග්ඩෑඩ්" අගනුවර ෂියා මුස්ලිම්වරුන් බහුලව වාසය කරන සාප්පු සංකීර්ණයක් අසල පුපුරණ ද්‍රව්‍ය පිරවූ මොටර් රථයක් පුපුරුවා හැර තිබුණා.

    පිපිරීමෙන් පසු ගොඩනැගිල්ල පුරා ඇති වූ ගින්නෙන් බොහෝ දෙනා මියගියා. "අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානය" මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණා.

    මේ සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු අතර අධිකරණය හමුවේ වරදකරුවන් වූ තිදෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණා. ප්‍රහාරය පිටුපස සිටි අයි එස් අයි එස් සංවිධානයේ මහ මොළකරු ලෙස සැලකෙන "ගස්වාන් අල් සව්බඒ" එල්ලා මරණ ලද පුද්ගලයින් අතර සිටින බවයි, ඉරාක රජය පවසන්නේ.

    Latest News