ඉරාකයේ කොරෝනා ප්‍රතිකාර රෝහලක ගින්නක්

ජූලි 13, 2021

    ඉරාකයේ කොරෝනා ප්‍රතිකාර රෝහලක ඇති වූ ගින්නකින් 50 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මියගොස් තිබේ.

    තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි,වාර්තා වන්නේ.

    ගින්න හටගෙන ඇත්තේ දකුණු දිග ඉරාකයේ පිහිටි නසිරියා නගරයෙන් අල්හුසේන් රෝහල ආශ්‍රිතවයි. ඊයේ රාත්‍රී වන විට ගින්න පාලනය කර ගැනීමට හැකි වූ බව එරට බලධාරීන් පවසයි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

    ඔක්සිජන් ටැංකියක් පුපුරා යාමෙන් ගින්න හට ගන්නට ඇති බවට සැක කෙරේ.

    Last modified on අඟහරුවාදා, 13 ජූලි 2021 12:09

    Latest News