වැලිපැන්න පොලිසිය, පාරිභෝජනයට නුසුදුසු කෘමින් සහිත සහල් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ, ගොවීන්ගෙන් ඊයේ වන විට වී මෙට්‍රික් ටොන් 55,645 ක් පමණ මිලදී ගෙන ඇති බව, මුදල් අමාත්‍යාංශය පවසනවා.
රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක අවදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
අම්බලන්තොට රජයේ වී පර්යේෂණායතනය නව සුදු කැකුළු නාඩු වී ප්‍රභේදයක් සොයා ගෙන තිබෙනවා. නව ප්‍රභේදය හැඳින්වෙන්නේ, ඒටී - 378 යනුවෙන්.
පොළොන්නරුව ප්‍රදේශයේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව පවතින සහල් තොග ඊයේ (8 ) අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ඩී.එම්.එස්. දිසානායක මහතාගේ උපදෙස් පරිදි නීරීක්ෂණය කෙරිණි.
සහල් නිෂ්පාදනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමඟ දිවයිනේ සහල් මෝල් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී මලදී ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අත්‍යවශ්‍ය ආහාර සැපයීම, සහල් නිෂ්පාදනය, ගබඩා කිරීම හා බෙදාහැරීම, ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය බැවින් සියලුම වී මෝල් හිමියන්ගේ සේවාවන් COVID 19 නිරෝධායන අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නැවත දැනුම්දෙන තුරු ප්‍රකාශයට පත් කෙරේ.