මෙම පාසල්වල ඉගෙනුම ලබන දුවා දරුවන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලබන බව පසුගියදා අප ජනමාධ්‍ය මගින් හෙළිදරව් කර තිබිණි. ඒ අනුව "සිහිනයකි රෑ" ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශනය වන වැඩසටහනේ කළමනාකාරවරයා සහ නිෂ්පාදකවරිය එක්ව මෙම පුවත පිළිබඳව අවධානය යොමු කොට ප්‍රේක්ෂක ජනතාවගේ ද සහයෝගය ඇතිව අති දුෂ්කර ගමන් මාර්ගය ඔස්සේ ගොස් මෙම දරු දැරියන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරා දීම කටයුතු කළේය.
රණමුරේ පාසලේ දරුවන් සහ නාරංගමුව ප්‍රාථමික විදුහලේ දරුවන්ට පාසලේදී උපකරණ ලබා දුන් අතර කිව්ලේවාඩිය ප්‍රාථමික විදුහලේ දී එම විද්‍යාලයේ දරු දැරියන්ට පරිත්‍යාග ලබාදීම සිදුකෙරිණි.