පටාචාරා කථාව සිහියට නංවන එය අප කාහටත් හුරුපුරුදු වේදනාවකි. සෑම කෙනෙකුම තමා ආදරය කළ අය නැතිව යාමේ දුක අඩු වැඩි වශයෙන් අත්විද ඇති බව එමගින් අපට මතක් කර දෙයි. පටාචාරා, තම දෙමාපියන් දරුවන් හා සැමියා අහිමි වීමෙන් දරා ගැනීමට නොහැකි තරමේ වේදනාවකට පත් වූ බව එම කථාව පිලිබඳව සිතා බැලීමේදී අපට වැටහේ. එවැනි ආකාරයේ දුකකට උපකාර කළ හැකි, මෙය වටහා ගත් බුදු රජාණන් වහන්සේ ඇයට සරණ වීමට ඉදිරිපත් විය.
අද අප රටේ අප අතර පටාචාරවන් රාශියක් සිටිනු දැක ගත හැකිය. තම සැමියන් අහිමි වූ වැන්දඹුවන්, තම දරුවන් අහිමි වූ මවුවරුන් සහ තවත් තම සමීපතයන් නැති වීමෙන් දරාගත නොහැකි දුකට පත් පවුල් ඒ අතර වේ. පටාචාරා මෙන් ඔවුන් දසහනයක් හා සැනසීමක් බලාපොරොත්තු වේ. නමුත්, ඔවුන් තමාන්ගේ පියා, මව, සැමියා හෝ බිරිඳ, සහෝදරයන් හෝ සහෝදරියන් සහ දූ දරුවන් කොහේදැයි නොදැන ජීවත්වේ. ඔවුහු ජීවත්ව සිටීද මියගොස් සිටීද නොදැන තම වේදනාව දරා ගනිති. ඔවුන්ගේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක ඉමහත් වන අතර වේදනාව අති මහත්ය. එයටත් වඩා නැති අයට කුමක් වූවාදැයි නොදැනීම දුකය. පටාචාරාගේ දුකට පිහිටවීම සඳහා බුදුරදුන් ඉමහත් උත්සහායක් ගත්තද, මෙම ප්‍රජාව සඳහා පිහිටවීමට අප කුමක් කර ඇතිද?
ඒ සඳහා මෙම දිනවල අතුරුදහන්වූවන්ගේ කාර්යාලය (OMP) ක්‍රියාත්මකව පවතියි. එය ඇතුළු මානව අයිතිවාසිකම්, ජාත්‍යන්තර විනිශ්චයන් හා යුධ අපරාධ පිළිබව කථිකාවක්/විවාදයක් ඉස්මතු වී තිබේ. විවාදයේ එක් පසක සිටින දේශපාලඥයින් මේ ක්‍රියාවලිය සදහා සහාය දක්වන අතර, අනෙක පස සිටින දේශපාලඥයන් විසින් එයට අභියෝග කෙරේ. එම නිසා අප රට කෙලවරක් නැති අදහස්වලින් බෙදී ඇත. අප අපේ ඇස් හැර බැලුවහොත් මෙම බෙදීම් ජාතිවාදී හෝ ආගමික වශයෙන් නොවන බව දැකිය හැක. ඒවා දේශපාලනික උපායන් හා මිනිසුන් මෙහෙයවීම සදහා වන ක්‍රියාවලියන් වේ.
OMP පිළිබඳව සලකා බැලූ කල එය අතුරුදන් වූවන් පිළිබඳව සොයා බැලීමට උදව්වන ස්වාධීන විනිවිදතාවයෙන් යුත් යාන්ත්‍රණයකි. මෙබඳු යාන්ත්‍රණයක් සඳහා එකඟවිය නොහැක්කේ කාටද? ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුක තේරුම් ගත් ශ්‍රී ලාංකික බහුතර බෞද්ධයන් වශයෙන් මෙම කාර්යාලය ඉහත සඳහන් කළ දුකට පිලියමක් ලෙස සලකනු ඇත. OMP ට කුමන හෝ දේශපාලනික පක්ෂයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොමැති අතර, රජයන්ට හෝ ඡන්දවල උදව්වීමේ බලයක්ද නැත. එය රටේ සෑම ප්‍රදේශයකටම පවුල්වලට ලඟා විය හැකි ස්වාධීන ආයතනයකි.
යුධ-ත්‍රස්තවාදයෙන් මිදුණු රටක් වශයෙන් අපි සංවේදී අවස්ථාවක සිටිමු. එහිදී ජාතීන් අතර, අවිනිශ්චිත බවක් ඇත. එම පවුල්වල හා ජාතියේ ආරක්ෂාව සඳහා අපගේම ක්‍රමයකට අනුව නිවැරදි හොඳම තීරණය ගැනීම සඳහා උත්සහ කිරීමට අපට හැකිය. නමුත් නිවැරදි තේරිම හා හොඳම තීරණය කුමක්ද? එය සරල පිළිතුරක් වන අතර, අපට එතරම් දුරට සිතිය යුතු නොවේ. අපට ඇත්තේ අප පිළිබඳව හා අපගේ හදවත් තුල ඇති ධර්මය ගැන සෙයාබැලීම පමණි. බෞද්ධයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට පවුල් එකතු කිරීමට එරෙහිවීමට නොහැක. ඒ සඳහා අතුරුදහන්වූවන්ගේ කාර්යාලය ක්‍රියාකරනු ඇත. සංස්කෘතිමය වශයෙන් හැඩ ගැසුණු හා ආගමික වශයෙන් මෙහෙය වනු ලැබූ ජාතියක් වශයෙන් විවාදයේ කුමන පැත්තේ සිටිය යුතු දැයි අප දැනගත යුතුය.
කරුණාව, දයාව, සානුකම්පිතභාවය හා උපේක්ෂාව යන ඉතා උසස් ගති ස්වභාවයන් පිළිබඳ අප ඉගෙනගෙන ඇත. සිංහල බෞද්ධයන් ලෙස මෙය අපගේ එදිනෙදා ජීවිතයට යොදාගත හැක්කේ කෙසේදැයි අප විසින් සලකා බැලිය යුතුය. සංකීර්ණ දේශපාලනික පසුබිමක් තුළ තෝරාගැනීම් සිදු කිරීමේ දී ධර්මය අපහට උපකාරී විය හැක්කේ කෙසේද? අප විසින් සියළු ජාතීන් හා ආගම්වලට අයත් පුද්ගලයන් කෙරෙහි අනුකම්පාව දැක්විය යුතුය. යුද්ධයේ වින්දිතයන් හා යුද්ධයෙන් අහිමි වූ දේ හේතුවෙන් වේදනා විඳින පුද්ගලයන් කෙරෙහි අප විසින් අනුකම්පා කළ යුතුය. වසර ගණනාවක වේදනා විඳීමෙන් නිදහස් වූවන් කෙරෙහි සානුකම්පිභාවය දැක්විය යුතුය. අප විසින් දේශපාලනික බලපෑම්වලට ලක් නොවී උපේක්ෂාවෙන් හෝ සමබර මනසකින් යුතුව අපගේ ලෝකය දෙස බලා තීරණ ගත යුතුය.