ව්‍යාජ ඉඩම් ලේඛනයක් සැකසූ නීතිඥවරයෙකුට සිර දඬුවම්

ඔක් 08, 2024
    රාජගිරිය ප්‍රදේශයේදී වංචනික ලෙස ඉඩම් බලපත්‍රයක් සකස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු කෙරුණු නීතිඥවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 08 ක සිර දඬුවම් නියම කළා.

    දීර්ඝ නඩුව විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පට බැඳිගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නා.

    2013 වසරේ සිදු කළ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණා.
    නඩු විභාගයෙන් අනතුරුව විනිසුරුවරයා නියෝග කළේ විත්තිකරු චෝදනා දෙකකට වරදකරු කරන බවයි.
    ඒ අනුව එක් එක් චෝදනාවට වසර 04 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා නියෝග කළා.
    ඊට අමතරව එක් එක් චෝදනාවට රුපියල් 10000/- බැගින් රුපියල් 20000/- ක දඩ නියම කරන බවත් තීන්දුවේ සඳහන් වුණා.

    Latest News