අද සිට 2024.10.15 දින දක්වා උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු 9 පාලම මත ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඉහත දිනයන් හිදී පෙ.ව. 7.30 සිට ප.ව. 5.30 දක්වා කාලසීමාව තුළ කොළඹ කොටුව සහ ඇල්ල දුම්රිය ස්ථාන දක්වා පමණක් සිදුකරනු ලබන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු ශ්‍රී ලංකාව කෙරෙහි සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත මෙම රූගත කිරීම සිදුකරන බවයි සඳහන් වන්නේ.
අදාළ කාලසීමාව තුල දුම්රිය ධාවනය සිදුවන ආකාරය පහතින්.