බද්ධ වූ සහෝදරත්වය දෙපලු වෙයි (ඡායාරූප)

නොවැ 09, 2018

    එකිනෙකා බද්ධ වී සිටින නිවුන් දැරියන් දෙදෙනෙකුගේ ශරීර වෙන් කිරීමේ ශල්‍ය කර්මයක් ඔස්ට්‍රේල්යාවේ දී සාර්ථකව සිදු කෙරිණ.

    අදාළ ශල්‍යකර්මය සඳහා පැය 6ක පමණ කාලයක් ගත වූ බවයි වාර්තා වන්නේ. මාස 15ක් වයසැති භූතාන ජාතික එම දැරියන් දෙදෙනා අක්මාව ඇතුළු ඉන්ද්‍රියන් කිහිපයකින් එකිනෙකා බද්ධව සිටින බවයි, වෛද්‍යවරුන් පවසන්නේ.

    ඔවුන් වෙන් කිරීමේ ශල්‍ය කර්මය පසුගිය මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණත්, දරුවන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීමේ අරමුණෙන් එය කල් දැමීමට වෛද්‍යවරුන් තීරණය කර තිබේ.

    මෙම සුවිශේෂ ශල්‍යකර්මය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 18 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායම් දෙකක් සහභාගී වූ අතර, ශල්‍ය කර්මාය සිදු කෙරුණේ, මෙල්බරින් නුවර රාජකීය ළමා රෝහලේදී.

    එකිනෙකා බද්ධව සිටින නිවුන් දරු උපත් ඉතා දුර්ලභ වන අතර, එය සිදුවන්නේ, දරු උපත් ලක්ෂ 2කට එක් දරු උපතක් වශයෙන් බවයි, වාර්තා වන්නේ. එවැනි අවස්ථාවල දී සජීවී දරු උපත් සිදුවන්නේ 40%ත් 60ක් අතර ප්‍රමාණයක් පමණයි.

     104238287 83fd54f8 5370 4038 8bc8 f6e4cb5bfdb3

    imagev162784d88dc83735e1f325ff6cc6630d4 fc88ameprhnl4kht1r2 ct677x380

    thegirlswere

     

    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 14:54

    Latest News