වෙන්දේසි වෙන්න හදන අයිෆල්

නොවැ 09, 2018

    ප්‍රංශයේ අයිෆල් කුළුණේ කොටසක් වෙන්දේසියක් සඳහා ඉදිරිපත් කර තිබේ.

    මෙසේ ඉදිරිපත් කර ඇත්තේ, පඩිපෙලක කොටසක්. මීටර 4.3ක උසකින් යුත් මෙම කොටස අයිෆල් කුළුණේ දෙවැනි මහලේ සිට තුන්වැනි මහල දක්වා තිබූ පඩිපෙලේ කොටසක්. 1983 වසරේ කුළුණේ උත්තෝලකයක් සවි කිරීමෙන් අනතුරුව, මෙම පඩිපෙල ඉවත් කර තිබේ.

    ඉන්පසුව, එම වසරේ දෙසැම්බර් මාසයේ සම්පූර්ණ පඩිපෙල කොටස් 24කට වෙන්කර වෙන්දේසි කර තිබේ. පුද්ගලික ගැණුම්කරුවෙකු විසින් මිල දී ගනු ලැබූ කොටසක් මෙසේ නැවත වෙන්දේසියට තබා තිබේ.

    වෙන්දේසිකරුවන් විසින් පසුගියදා වෙන්දේසියට තැබෙන මෙම කොටස ප්‍රංශයේ පැරිස් නුවර සවි කරනු ලැබීය. මෙයට තබා ඇති ආරම්භක ලන්සුව වන්නේ අමෙරිකානු ඩොලර් 68,000ක්. වෙන්දේසිය මේ මස 27 වැනිදා පැවැත්වෙයි.

    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 11:14

    Latest News