උගුලෙන් බේරුණු කොටියෙක්ට කළ දේ (විඩියෝ)

නොවැ 11, 2018
  • උගුලකට හසුවූ මෙරටට ආවේණික කොටියෙකු බේරා ගැනීමට වනජීවි නිලධාරීන් සමත්ව තිබේ.

    ඒ, වලපනේ, යටිමාදුර ප්‍රදේශයේදී. කොටියා නිර්වින්දනය කර මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මධ්‍යම කළාප පශු වෛද්‍ය ඒකකයට යොමු කෙරුණා. කොටියාගේ ජිවිතය දැඩි අවදානම් තත්වයක පවතින බවයි, වාර්තා වන්නේ. අවුරුදු දෙකක් වයසැති කොටියා දඩයක්කරුවෙකුගේ උගුලකට හසුවී සිටියා.

    කොටියා බේරා ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළේ, කීර්ති බණ්ඩාරපුර අඩවි වනජීවි කාර්යාලයේ සහ මධ්‍යම කලාප පශු වෛද්‍ය ඒකකයේ නිලධාරී කණ්ඩායමක්.

    Last modified on ඉරිදා, 11 නොවැම්බර් 2018 18:35

    Latest News