HIV පෙර හඳුනාගෙන - සාර්ථක ජීවිතයක්

නොවැ 13, 2018

    එච්.අයි.වී පෙර හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව, විශේෂඥ වෛද්‍ය කේ.ඒ.එම්. ආරියරත්න මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ ඒ ගැන යම් සැකයක් වෙතොත් එච් අයි වී රුධිර පරීක්ෂාව වෙත යොමු වන ලෙසයි. සෑම සතියකම මෙරටින් අලුතින් එච් අයි වී රෝගීන් 5ක් 6ක් පමණ හඳුනාගනු ලැබේ. ඒ අතර වැඩි වශයෙන් සිටින්නේ, වයස අවුරුදු 15 සිට 49 දක්වා වූ වයස් කාණ්ඩයේ අය බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. පිරිමි පාර්ශවය ඉන් බහුලයි.

    අනාරක්ෂිත ලිංගික සබඳතා එච් අයි වී ආසාදනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ දැනට සිටින බවට ඇස්තමේන්තු කර ඇති එච් එයි වී රෝගීන් සංඛ්‍යාව 3,500ත් 4,200ත් අතර වෙයි.

    ඉන් තුනෙන් එකක් පමණ තමා එච් අයි වී ආසාදිතයෙකු බව නොදන්නා බවයි, විශේෂඥ වෛද්‍ය කේ ඒ එම් ආරියරත්න මහතා පවසන්නේ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 16:49

    Latest News