අතමිට සරු වූ මාදැල් ධීවරයින්

නොවැ 27, 2018

    වාරකන් සමය අවසන් වීමත් සමඟ මාදැල් ධීවරයන්ගේ අතමිට සරුවී තිබේ. තහනම් දැල් භාවිතය හා ලයිට්කෝස් පන්න ක්‍රමය තහනම් කිරීම ඇතුළු පියවර රැසක් ධීවර කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන තිබීම ඊට හේතුවයි.

    ඊට අමතරව, විදෙස් රටවල ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට නොහැකි ආකාරයට නීතිරීති පනවා තිබේ. මේ නිසා බස්නාහිර හා දකුණු වෙරළ ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල මත්ස්‍ය අස්වැන්න වැඩි වී ඇති බවයි, ධීවරයින් පවසන්නේ.

    පරවා, සාලයා, සාවාලයා, අලුගොඩුවා, හුරුල්ලා, හාල්මැස්සන් වැනි මසුන් බහුලව හසුවෙයි. බොහෝ පාර්භෝගිකයින් වෙරළටම පැමිණ මසුන් මිල දී ගැනීමට පුරුදු වී ඇති අතර, මේ නිසා සාධාරණ මිලකට මසුන් මිල දී ගත හැකි බවයි ඔවුන් පවසන්නේ.

    Latest News