මාතර ගොවීන්ට කරදර දෙන යෝධ නිදිකුම්බා

නොවැ 24, 2018

    යෝධ නිදිකුම්බා ආක්‍රමණික ශාකය, මාතර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වීම නිසා වී වගාවට දැඩි හානියක් සිදුව තිබේ.

    අකුරැස්ස, මාලිම්බඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලයි මෙම ශාකය වැඩි වශයෙන් ව්‍යාප්තව තිබෙන්නේ. කුඹුරු ආශ්‍රිතව මෙම ශාකය ව්‍යාප්තවීම නිසා ගොවීන් රැසක් දැඩි පීඩාවට පත්ව තිබේ. මෙම ශාකයේ බීජවලින් මෙය ව්‍යාප්ත වෙයි.

    ගංවතුර තත්වයක් පවතින මෙම ප්‍රදේශයේ ජලය මගින් ඇට ව්‍යාප්තවීම නිසා දිස්ත්‍රික්කය පුරා යෝධ නිදිකුම්බා ශාකය පැතිර යමින් තිබේ. කුඹුරු වගා කරන ප්‍රදේශවල ඇති වාරි ඇලවල් ආශ්‍රිතව ද මෙම ශාකය හට ගැනීම නිසා ජනතාවට ජලය ලබා ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ. ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන මෙම ආක්‍රමික ශාකය වහාම විනාශ කර දෙන ලෙසයි, ගොවීන් ඉල්ලා සිටින්නේ.

    Latest News