පසුගිය වසරේ ළමා අපයෝජන පැමිණිලි 9014ක්

නොවැ 27, 2018

    ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ මූලාශ්‍ර අනුව 2017 වසරේ වාර්තා අනුව ළමා අපයෝජන පැමිණිලි 9014ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්‍ෂක අධිකාරිය පවසයි. 

    ළමා අපයෝජනය ශ්‍රී ලංකාවේ මේ වන විට දැවෙන සෞඛ්‍ය හා සමාජ ගැටළුවක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සදහන් කරයි.

    එසේම ලිංගික හිංසන පිළිබඳ වාර්තා 501කි. දූෂණය කිරීම් පිළිබඳ වාර්තාවන අවස්ථාවන් 340කි. බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 309ක් වාර්තා වී ඇති බව ද ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ මූලාශ්‍ර වාර්තාවල දැක්වේ.

    මෙම තත්ත්වයන් යටතේ තවදුරටත් ළමා ලිංගික අපයෝජන සිදුවීම දෙස අවධානය යොමු කිරීමේ දී මෙම තත්ත්වය අවම කිරීමට වඩාත් විධිමත් ක්‍රමවේදයක අවශ්‍යතාව අවධාරණය කෙරේ.

    ඒ අනුව මෙම අදුරු සෙවනැලි ඉවත් කිරීමට විද්වතුන් යෝජනා ඉදිරිපත් කිරීම සහ අපයෝජන වැළැක්වීම සදහා වන ක්‍රියාකාරී සැළැස්මක් එළිදැක්වීම අද (27) සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී සිදු කෙරෙනු ඇති. 

    Latest News