රටවල් 162ක් අභිබවා ඔලිම්පියාඩ් ශුරයා වූ රෙහාන් ආදිත්‍ය

ජන 02, 2020

    අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියේ පළමු ස්ථානය දිනාගත් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ, රෙහාන් ආදිත්‍ය වීරකෝන් සිසුවා අද සිය විදුහලට පැමිණියේය.

    ජපානයේ ටෝකියෝ නුවර පැවති අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියේ ප්‍රාථමික කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගැනීමට රෙහාන් ආදිත්‍ය වීරකෝන් සිසුවා සමත්විය. ඒ, රටවල් 162ක් අභිබවා. සිසුවා අද සිය පාසල වන බදුල්ල මධ්‍ය මහා විදුහල්පති පුබුදු ජයසිංහ මහතා හමුවිය. තරගාවලියේ දී ලකුණු 180න් 144ක් ලබාගැනීමට ආදිත්‍ය සිසුවා සමත්විය. එහි දෙවැනි ස්ථානය දිනාගත්තේ ලකුණු 132ක් ලබාගත් ඉන්දියානු සිසුවෙක්. අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියකදී මෙම කාණ්ඩයෙන් ජයග්‍රහණය හිමිකරගත් ලාබාලතම සිසුවා ආදිත්‍යයි.

    Latest News