රජිත වසන්ත දැන ගෙන ගිය අවසන් ගුවන් ගමන

ජන 03, 2020

    අද පෙරවරුවේ හපුතලේ දී අනතුරට පත් නිරීක්ෂණ ගුවන් යානයේ ගමන් කළ බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙක් තිස්සමහාරාම රබර් වත්ත ප්‍රදේශයේ පදිංචි ඩී. ඩබ්ලිව්. රජිත වසන්ත කුමාර නැමති සෙබලා දෙදරු පියෙකි.

    ඔහුගේ දියණිය අද පෙර පාසලට ඇතුලත් කර ඇති අතර පුතණුවන් එක වසරට භාරදී තිබේ.

    මෙම සෙබලා වීරවිල ගුවන් හමුදා කඳවුරේ සේවය කරන අන්තිම රාජකාරිය අද වූ අතර ඔහු මේ මස 6 වනදා සිට වෙනත් කඳවුරට අනුයුක්ත කර තිබුන. නිවසින් බැහැරව යන විට අද අවසාන ගුවන් ගමන බවත් ප්‍රකාශ කර තිබේ. තිස් හත් හැවිරිදි ඩී. ඩබ්ලිව්. රජිත වසන්ත කුමාර මේ වන විට ගුවන් හමුදාවේ වසර වසර 15 ක සේවයක් සම්පුර්ණ කර තිබේ.

    Latest News