දිනේෂ් සහ ජෝන්ස්ටන් උදෙන්ම වැඩ අරඹයි

ජන 03, 2020

    පාර්ලිමේන්තුවේ සභා නායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රාජකාරි ආරම්භ කළහ. දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, ඔහු තම කාර්‍යාලයේදී ලිපිවලට අත්සන් තබමින් රාජකාරී ඇරඹීය.

    ඉන් පසු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්‍යාලයට ගිය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද පාර්ලිමේන්තු කාර්‍ය මණ්ඩලය විසින් පිළීගැනීමෙන් පසු, ඔහු ද ලිපි වලට අත්සන් තබා රාජකාරී ඇරඹීය.

    මේ අවස්ථාවන්ට රජයේ මැති ඇමතිවරු, මන්ත්‍රීවරු,රාජ්‍ය නිලධාරිහූ හා පාර්ලිමේන්‍තු විධායක නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    johnstan px 900 20 01 03

     

    Latest News